මහින්ද චින්තනේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් නාමල්ට විතරයි – කුට්ටිආරච්චි

Date:

කොළඹ LNW: මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙනගිය සංවර්ධන වැඩපිළිවෙල වෙනත් කිසිම නායකයෙකුගෙන් පසුගිය කාලය තුළ නොදුටු අතර එම සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක් පැතිකඩක් දුර්වල වූ නමුත් මේ ගමන් මෙතැනින් නැවතිය නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

‘මහින්ද රාජ පක්ෂ මැතිතුමා කළ වැඩකොටස නොකළත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් ඉතා සාර්ථක නායකයෙක් ලෙස තමයි අපි දකින්නේ. එක පැතිකඩක් එතුමාගේ දුර්වලයි. හැබැයි එහෙමයි කියල අපිට මෙතනින් නතර කරන්න බැහැ. මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න පුළුවන් සුදුසුම පුද්ගලයා තමයි එතුමාගේ ආදරණිය පුත්‍ර රත්නය නාමල් රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා අපි විශ්වාස කරනවා පක්ෂ භේදයෙන් තොරව නාමල් රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරන්න කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතා නිසාම නෙවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනාපු සංවර්ධනය වෙන කිසිම ම නායකයෙකුගෙන් අපි පහුගිය කාලේ දැක්කේ නැහැ. මහින්ද චින්තනයේ නතර වුණු සංවර්ධනය ඉදිරියට ගෙනියන්න සුදුසුම පුද්ගලයා අවුරුදු 38 තරුණ නායකයෙක් වෙන නාමල් රාජපක්ෂ මැතිතුමා කියල තමයි අපි විශ්වාස කරන්නේ. අපි හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිරූපය ඒ ආකාරයෙන්ම නාමල් රාජපක්ෂ මැතිතුමාගෙන් පිළිඹිඹු වෙයි කියල.” යනුවෙන් කුට්ටිආරච්චි මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...