උතුරේ ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

0
1236

ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික වටිනාකමින් යුත් සුළං විදුලිබල ව්‍යාපෘති දෙකක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගමට අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඊයේ (16) පැවති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව මන්නාරමේ මෙගාවොට් 286ක ව්‍යාපෘතියක් සඳහාත් පූනරීන් හි මෙගාවොට් 234ක ව්‍යාපෘතියක් සඳහාත් මෙසේ අනුමැතිය ලබාදී ඇත.

RN