චීන නැව පැමිණීම අපේ රටේ ස්වෛරීභාවයේ සලකුණක් – වාසිදේව

0
778

ආන්දෝලනාත්මක යුවාන් වැන්ග් – 5 චීන අධි තාක්ෂණික පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම යනු අපේ රටේ ස්වෛරීභාවයේ සලකුණක් බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

“යුවාන් වැන්ග් – 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාවේ නිදහස්භාවයේත් ස්වෛරීභාවයේත් සලකුණක්. මේ නෞකාවේ පැමිණීම පිළිබඳ යම් යම් මතභේද තිබුණා. එය ඇමරිකාව වටා ගොඩනැඟුණු බටහිර රටවල්වල පරිකල්පනයක්. හැබැයි අප චීනයත් සමග තිබෙන දීර්ඝ කාලින සම්බන්ධතා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට යට නොවී ඉදිරියටත් පවත්වාගෙන යන්න කටයුතු කරනවා”

වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ අදාළ නෞකාව පිළිගැනීම සඳහා ඊයේ (16) හම්බන්තොට වරායට ගිය අවස්ථාවේදී ය.

RN