චීන නැව පැමිණීම අපේ රටේ ස්වෛරීභාවයේ සලකුණක් – වාසිදේව

Date:

ආන්දෝලනාත්මක යුවාන් වැන්ග් – 5 චීන අධි තාක්ෂණික පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම යනු අපේ රටේ ස්වෛරීභාවයේ සලකුණක් බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

“යුවාන් වැන්ග් – 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාවේ නිදහස්භාවයේත් ස්වෛරීභාවයේත් සලකුණක්. මේ නෞකාවේ පැමිණීම පිළිබඳ යම් යම් මතභේද තිබුණා. එය ඇමරිකාව වටා ගොඩනැඟුණු බටහිර රටවල්වල පරිකල්පනයක්. හැබැයි අප චීනයත් සමග තිබෙන දීර්ඝ කාලින සම්බන්ධතා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට යට නොවී ඉදිරියටත් පවත්වාගෙන යන්න කටයුතු කරනවා”

වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ අදාළ නෞකාව පිළිගැනීම සඳහා ඊයේ (16) හම්බන්තොට වරායට ගිය අවස්ථාවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...