22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

එය හෙට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම පනත් කෙටුම්පතව්විසින් අධිකරණ සංවිධාන (සංශෝධන), 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන එක්කිරීමට නියමිතය.

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගනු ලැබූ තීරණයට අනුව මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර, එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි දින 14ක කාලසීමාවක් හිමිවන අතර එම පෙත්සම විභාග කර දින 3ත් – 21ත් අතර කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවට දැන්විය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...