ඉතිහාසයේ දැවැන්තම සමුද්‍රීය හානියක් සිදුකළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරට අදාළ වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරුම් කාරකසභාවක් පත්කරන ලෙස ඉල්ලීමට විපක්ෂය සූදානමින් සිටින බව වාර්තා වේ.
මෙම යෝජනාව හෙට (18) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන්.
කොළඹ වරාය ආසන්නයේදී එම නෞකාව ගිනිගෙන මුහුදුබත් වූයේ 2021 වසරේදී ය. එයින් සිදුවූ අතිවිශාල පාරිසරික හා ආර්ථික හානිවලට නිසි පරිදි වන්දි ලබානොගැනීම සහ එහි වගකීම් පැහැර හැරීම පිළිබඳ සොයාබැලීම සඳහා මෙසේ තේරීම් කාරකසභාවක් ඉල්ලීමට විපක්ෂය කටයුතු කරනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.


