ආබාධිත තැනැත්තන් වෙනුවෙන් රජයෙන් ගෙවන සුබසාධන දීමනා ඉහළට

කොළඹ (LNW) : ආබාධිත තැනැත්තන් වෙනුවෙන් රජයෙන් ගෙවන සුබසාධන දීමනා වැඩි කිරීමට තීරණය කර ඇති බව සමාජ සවිබලගන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි.

ඒ අනුව, ආබාධිතවුවන්ගේ අධ්‍යාපන ආධාරය රු.10,000 සිට 20,000 දක්වා වැඩි කෙරෙන අතර ආබාධිතවුවන්ගේ ස්වයං රැකියා අධාරය රු. 25,000 සිට 40,000 දක්වා ඉහල දමන බව සදහන්.

එමෙන්ම ආබාධිතවුවන්ගේ උපකරණ සදහා ලබාදෙන රු.15,000 ආධාරය රු.35,000 දක්වා ඉහල දැමෙන අතර ආබාධිතවුවන්ගේ නිවාඩ ඉදිකිරිම සදහා ලබා දෙන රු.250,000 ආධාරය රු.500,000 දක්වා වැඩි කෙරෙනු ඇත.

ආබාධිතවුවන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට ලබා දෙන 150,000 ආධාරය රු.250,000 දක්වා ඉහල දැමෙන අතර ආබාධිතවුවන්ගේ වෙනුවෙන් ලබාදෙන වැසිකිලි ඉදිකර ගැනීමේ දීමනාව රු.100,000 දක්වා වැඩි කෙරෙනු ඇත.

රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා ඊයේ(16) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.

සශිකලා මධුෂාණි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...