තෙල්, විදුලි බිල් අඩුකරනවා. ආහාර, ඖෂධ, අධ්‍යාපන උපකරණ මුළුමනින්ම බද්දෙන් නිදහස් කරනවා – අනුර පොරොන්දු වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම පාලනයක් යටතේ ඉන්ධන මිල සහ විදුලි බිල් අඩුකරන බවත් සාමාන්‍ය ජනතාවට බදු සහන රැසක් ලබාදෙන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බදු ගෙවීම් පැහැර හැර ඇති අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම වැනි සමාගම්වලින් අදාළ බදු අයකර ගැනීම හරහා මෙම සහන ලබාදීමට අවශ්‍ය මුදල් උපයාගත හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

“අන්න අපේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඔබගේ තෙල් මිලත් ඔබගේ විදුලි බිලත් අඩුකරන සැලැස්මක් එක්ක තමයි ඇවිල්ලා ඉන්නෙ. අඩු කරන්න පුළුවන්. සහතික වශයෙන් අඩුකරන්න පුළුවන්. මේ දැන් ගෙවන්නෙ ගෙවන්න ඕනෙ නැති ගාණක්. සැලසුම් අනුව වැඩකරන්නෙ නැති නිසා මෙහෙම ගෙවන්න වෙලා තියෙන්නෙ. ඒ වගේම අද අපේ රටේ ජනතාවට ඖෂධ මිලදී ගැනීම සඳහා විශාල මිලක් ගෙවන්න වෙලා තියෙනවා. මේක පිටිපස්සෙ තියෙන්නෙ කොමිස්. ඒ වගේම තමයි ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙනල්ලා තියෙනවා පසුගිය කාලෙ. අපි සැලැස්මක් හදලා තියෙනවා ගුණාත්මක ඖෂධ අඩු මිලකට පුරවැසියන්ට ලබාදෙන්න පුළුවන්. ඒ වැඩේ කරනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඖෂධ, ආහාර, අධ්‍යාපන උපකරණ මූළුමනින්ම බද්දෙන් නිදහස් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (17) තංගල්ල නගරයේදී පැවති තම ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...