*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

හරි නම් වී කිලෝවකට රුපියල් 150කට වඩා ඕනෑ – ජවිපෙ නාමල්

ඉන්ධන සහ පොහොර මිල ඉහළ යාමේ රජයේ සහතික මිල ගණන්වලට වී ලබාදීමට නොහැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.

“හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට පිටරටවලින් ගෙනත් තියෙනවා. ඒ හාල් ලංකාවේ හාල්වලට කවලම් වෙනවා. කවලම් වෙලා ලංකාවේ හාල් විදියට මේ වෙනකොට වෙළඳපොලට එනවා. එතකොට දැන් ගොයම් කැපෙනවා එක පැත්තකින්. දැන් මේ වෙනකොට ගොවියාගෙ වී ටික කමතෙන් රුපියල් හැත්තෑ ගණන්වලට, අසූ ගණන්වලට, අනූ ගණන්වලට ගන්න පටන් ගෙන තියෙනවා. ඒ නිසා ගොවි ජනතාව අන්ත අසරණ තත්වයට පත්වෙලා තියෙනවා. ශ්‍රම වියදමත් එක්ක, මහන්සියත් එක්ක ගත්තොත් එහෙම මේ වී කිලෝ එකක් රුපියල් 150ක් විතර වෙනවා. ඊට වැඩි වුණත් අඩුවෙන්නේ නෑ”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan