*
Monday, May 6, 2024
spot_img

Latest Posts

අරගලකරුවන්ට නඩු පවරා වන්දි අයකර ගන්නවා – ඇමති ප්‍රසන්න

ගෝල්ෆේස් අරගලය පැවති භූමිභාගයට සිදුව ඇති හානිය සඳහා අරගලකරුවන්ගෙන් වන්දි අයකර ගැනීමට ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම භූමියෙන් අරගලකරුවන්ව ඉවත් කරනු ලැබුවේ රටේ පවතින නීතියට අනුව බවත් කිසිවෙකුට රාජ්‍ය දේපළ බලහත්කාරයෙන් අයිති කරගැනීමට නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

අරගල භූමියට අයිතිවාසිකම් ඇති බව පවසමින් අරගලකරුවන් පිරිසක් විසින් නඩු පැවරීමට කටයුතු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව එම භූමියට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් වන්දි අයකර ගැනීමට කටයුතු කරන බවයි සඳහන් කර ඇත්තේ.

එසේ වන්දි අයකර නොගන්නේ නම් පසුකාලීනව අමාත්‍යාංශ නිලධාරීන්ට ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවත් එවැනි අර්බුදයකට තම නිලධාරීන් පත්කිරීමට තමන් කිසිසේත් කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan