අද (18) දවසේ වැසි තත්වය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අගෝස්තු 18) දිනයේදී සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට HIV ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ජාතික ලිංගික රෝග...

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සුවිශේෂී ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හම්බන්තොට ජාත්‍යන්තර වරාය...

ඥානසාර හිමිට ලැබුණු නියෝගය!

කොළඹ LNW:අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව බොදුබල...

“මවකගේ ජීවිතයේ අඳුරුතම හෝරාව”: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්

හිටපු කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක ගේ වැඩිමහල් පුත් කණිෂ්ක...