අපේක්ෂකයින් ගොඩක් හිටියාට ප්‍රතිපත්ති දෙකයි. ජනතාව දිනවන ප්‍රතිපත්ති නියෝජනය කරන්නේ නුවන් බෝපගේ විතරයි – කුමාර් ගුණරත්නම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත්ව සිටියත් ප්‍රතිපත්ති ඇත්තේ දෙකක් පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

“මේ IMF වැඩපිළිවෙලයි ඉන්දියාවේ සහයෝගයයි සියල්ල එක්ක රනිල් වික්‍රමසිංහ මේක කරගෙන ගියේ සාමාන්‍ය පොදු ජනතාව මත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින්. මොහු අනුගමනය කරන ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිම අනුගමනය කරන්න ශපත කරමින් තමයි සජිත් ප්‍රේමදාස අද වෙනකොට ජනාධිපති තරගෙට ඇවිල්ලා තියෙන්නෙ. ඒ වගේම තමයි ජාතික ජන බලවේගය, අද වෙනකොට අනුර කුමාර දිසානායකලා අරගොල්ලො පරණයි, ඒ සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට වෙනස් නිසා අපට ඡන්දෙ දෙන්න කියලා කියද්දී ඔවුනුත් කියන්නෙ මේ IMF වැඩසටහනේ ඉස්සරහට යනවා, වැල් පාලමේ ඉස්සරහාට යනවා කියලා. ඒක තමයි ඔවුන්ගේ ප්‍රතිඥාව. අපේක්ෂකයො ගොඩක් හිටියාට ප්‍රතිපත්ති දෙකයි. එකක් IMF සහ ඉන්දියානු ගැති ප්‍රතිපත්ති. අනිත් පැත්තෙන් ජනතාවට වඩා සාර්ථක දේශපාලන ආර්ථික ස්ථාවරත්වයක් ලබාගැනීම සඳහා නුවන් බෝපගේ සහෝදරයා නියෝජනය කරන ප්‍රතිපත්ති, ජනතාව දිනවන ප්‍රතිපත්ති”

කුමාර ගුණරත්නම් මහතා මේ බව පැවසුවේ ඊයේ (18) යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අනතුරේද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : 2026 අයවැය මඟින්...

පරිසර අමාත්‍යංශයේ “වනස්පති” වැඩසටහන ඉදිරියට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : පරිසර අමාත්‍යංශයේ “වනස්පති”...

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයනවක විනිසුරු පාඨමාලාව සාර්ථකව පවත්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය...

ප්‍රසන්න ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න...