අපි තමයි ලොකුම කැපකිරීම කරේ. දැන්වත් බැසිල් භීතිකාවෙන් මිදෙන්න – තිස්සකුට්ටි (VIDEO)

බැසිල් රාජපක්ෂ භීතිකාවෙන් මිදී දැන්වත් ඒ මහතාට පාඩුවේ හිඳින්නට ඉඩ ලබාදෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.

“මං බොහොම පැහැදිලිව ඉල්ලනවා දැන්වත් බැසිල් රාජපක්ෂ භීතිකාවෙන් මිදෙන්න. මුදල් ඇමතිකමේ හිටියා, අයින් වෙන්න කිව්වා, මන්ත්‍රීකමෙනුත් අයින් වුණා. දැන් පාඩුවේ ඉන්න බැසිල් රාජපක්ෂ මැතිතුමාට පාඩුවේ ඉන්න දෙන්න. දැන් ඇති ඔය භීතිකාව. එතුමාට තියෙන බය පිළිබඳව අපි නම් ඇත්තටම ආඩම්බර වීමක් තියෙන්නෙ. මොකද ඒ තරම් බියක් තියෙන එකත් අපට ආඩම්බරයක්. සර්ව පාක්ෂික වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරලා තියෙනවා, ඒකට අංකොං තියන්න එපා. බොරු හදාගන්න එපා. බැසිල් රාජපක්ෂ මැතිතුමාට නෙලනෙලා ඉන්නෙ නැතුව, පොහොට්ටුවට නෙලනෙලා ඉන්නෙ නැතුව … – අපි තමයි ලොකුම කැපකිරීම කරලා තියෙන්නෙ පොහොට්ටුව විදියට. ජනාධිපතිකමත් දීලා, අගමැතිකමත් දීලා, ඇමතිකම් ටිකත් දීලා, බහුතරේ තියාගෙන තවමත් – මේ සියල්ල කැපකරලා තියෙන්නෙ”

තිස්සකුට්ටිආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (18) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...