රහස් පොලීසිය හිටපු ජනපතිගෙන් පැය 03 ක් ප්‍රශ්න කරයි

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් ඊයේ (18) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පැය 03 කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ, හිටපු ජනාධිපතිවරයා පදිංචිව සිටින කොළඹ පිහිටි නිවසේදීය.

රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ දණ්ඩනයට ලක්ව සිටි ජූඩ් ඇන්තනි ජයමහ නමැත්තා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමේදී අල්ලස් ගැනීමක් සිදුව ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. අදාල සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සිදුකළ පැමිණිලිවලට අදාලවයි මෙම පරීක්ෂණ ආරම්භ කර තිබෙන්නේ.

ජූඩ් ඇන්තනි ජයමහ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළේ එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු අතුරලියේ රතන හිමි හරහා සිදු වූ බවයි සිරිසේන මහතා පවසා තිබුණේ. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා රූපවාහිනී සාකච්ඡාවකදී පවසා තිබුණේ යම් පාර්ශ්වයක් විසින් මුදල් ලබාගෙන ඇති බවට බුද්ධි අංශ වාර්තා මගින්ද තහවුරු වී ඇති බවයි.

අදාල සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ තමා මෙම මුදල් ගනුදෙනුවට සම්බන්ධ නොමැති බවත්, රතන හිමි මුදල් ලබා ගත්තේද යන්න පිළිබඳව තමා නොදන්නා බවත්ය.

2005 වසරේදී රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවොන් ජොන්සන් නමැති ස්විස් ජාතික තරුණියක පහර දී ගෙල සිරකර මරාදමා තිබූ අතර ජූඩ් ඇන්තනි ජයමහ නමැත්තා ඊට වරදකරු කරමින් මරණ දණ්ඩනය නියම කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැති හරිනි සහ කාදිනල් හිමි අතර සාකච්ඡාවක්

සටහන - රුවන් නෙළුගොල්ල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කොළඹ අගරදගුරු...

පොලිස් වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 08 කොළඹ LNW : අද (08)...

චිලව්, පිතිකාරීණියන් සඟවා ජය ලබයි.පෝල් ඇඩම්ස්යානු ආවේශය ශෂිනිගෙන් කඩුලු 3 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: තරගාවලියේ වැඩිම ජයග්‍රහණ සමඟ ලකුණු...

අළු ඉදිරියේත් නිල් නිල් වෙයි – නුවනිඳු පිත්තෙන් සහ ඒෂාන් පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දක්වයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන...