රටේම බැඩිමින්ටන් පුහුණුකරු දත්ත එක තැනකට – කාන්තාවන් ජාත්‍යන්තර කිරිමේ වෙනම වැඩ පිළිවෙලක්.

Date:

බැඩිමින්ටන් ක්‍රීඩාවේ පුහුණුකරුවන්ගේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම විශේෂයෙන් කාන්තා පුහුණුකරුවන්ගේ තත්ත්වය ඉහළ නැංවීම සඳහාත් මෙන්ම ක්‍රීඩාවට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය පුළුල් කිරීම සඳහාත් ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමයේ අවධානය යොමු වී ඇත.ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කටයුතු කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වාගේ මෙහෙයවීම මත මේ ආකාරයට ක්‍රියාත්මක වන වැඩ සටහන් යටතේ විවිධ තරාතිරමේ සියලු පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමට මෙන්ම කාන්තා පුහුණුකරුවන්ගේ දැනුම ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීමට ද වැඩ සටහන් කිහිපයක් සංවිධානය වී ඇත.

රට පුරා විසිරී සිටින සියලු බැඩිමින්ටන් පුහුණුකරුවන් ලියාපදිංචි කිරීම සැප්තැම්බර් 1 වන දා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා ආරමභ කිරීමට කටයුතු කිරීමට බැඩිම්න්ටන් සංගමය සූදානමින් සිටියි.එහිදී තමන් දේශිය වශයෙන් ද,ජාත්‍යන්තර බැඩිමින්ටන් සම්මේලනයේ අනුමත පාඨමාලා ඇසුරෙන්ද,එසේත් නැතිනම් ජාත්‍යන්තරව වෙනත් පුහුණු පාඨමාලා ඇසුරෙන්ද පුහුණුකරුවෙක් ලෙස උපයාගෙන ඇති දැනුම සැළකිල්ලට ගෙන මේ කටයුතු ආරම්භ කිරීමට ශ්‍රී ලංකා බැඩිමින්ටන් වැඩ කටයුතු සැළසුම් කරමින් ඇත.

එම වැඩ සටහන් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ සිටින පුහුණුකරුවන් සියලු දෙනා සංගමය යටතේ ලියාපදිංචි කිරීමෙන් ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් පවතින තත්ත්වය ගැන ද යම් අවබෝධයක් ලැබා ගැනීමට හැකි බවත්,මේ සඳහා විශේෂ අවධානයක් බැඩිමින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා විසින් යොමු කරමින් එම කාරණය විධිමත් සහ කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවත් බැඩ්මින්ටන් පුහුණුකරුවන් සංවර්ධනය කිරීමේ කමිටු සභාපති බුද්ධික සිලවා පෙන්වා දෙයි.එසේම දැනුම වැඩි කිරීමේ පාඨමාලාවන් පැවත්වීමේ දී මෙන්ම ඒ සඳහා අවස්ථාවන් ලබා ගැනීමට පහසුවන පරිදි බැඩිමින්ටන් සංගමයට පුහුණුකරුවාගේ තත්ත්තවය අනුව තොරතුරු දැනුම් දීමට ද මෙසේ දත්ත ගබඩාවක් බැඩිමින්ටන් සංගමය සතුව පැවතීම වැදගත් බව ද ඔහු විසින් පෙන්වා දුන්නේය.

එසේම කාන්තා පුහුුණුකරුවන්ගේ දායකතවය ඉහළ නැංවීම කෙරෙහි ජාත්‍යන්තර වශයෙන් ගත් විට ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව පවා විශාල අවධානයක් යොමු කරමින් කටයුතු කරමින් ඇත.ස්ත්‍රී පුරුෂ සමානත්මතාවය මෙන්ම විවිධ ලිංගික අනන්‍යතාවයන් ද ක්‍රීඩාව තුළ සමානව පිළිගැනීම සඳහා වැඩි ඉඩක් ඇති කිරීම සහ පිළිගැනීමක් ලබා දීමට ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව විසින් ඇති කරන එකඟතාවයන් සම්බන්ධයෙන් මේ වන විට සියලුම ජාත්‍යන්තර සංගම්වල අවධානය යොමු වී ඇති අතර ඒ ඔස්සේ ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමය ද ජාතිකමය වශයෙන් ශ්‍රී ලංකා බැඩිමින්ටන් ක්‍රීඩාවේ පුහුණුකාරීත්වය සඳහා කාන්තා දායකත්වය ඉහළ නැංවිඹට කාන්තාවන් සඳහාම වන ජාත්‍යන්තර බැඩිමින්ටන් සම්මේලනයේ මෙහෙයවීම මත පවත්වන පාඨමාලාවක් සංවිධානය කරන්නට ශ්‍රී ලංකා බැඩිමින්ටන් තීරණය කර ඇත.

මේ සියලු තොරුතුරු [email protected] නම් වූ විද්‍යුත් තැපෑලෙන් භාර ගැනීමට ශ්‍රී ලංකා බැඩිමින්ටන් සූදානමින් සිටින අතර පුහුණුකරුවන් ලියාපදිංචිය සම්බන්ධයෙන් මෙන්ම කාන්තා පුහුණකරුවන්ට විශේෂිත වූ ජාත්‍යන්තර බැඩිමින්ටන් සම්මේලනයේ දැනුම සහිත පාඨමාලාව සම්බන්ධයෙන් ද වැඩි දුර තොරතුරු 0774 866621 දුරකතන අංකයෙන් ලබා ගැනීමට පහසුකම් සළසා ඇත.

කාන්තා පාඨමාලාව සඳහා අයදුම් කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් වන දත්ත ඇතුළත් පීඩීඑෆ් සටහනක් ද මීට අමුණා ඇත.

  • සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...