*
Monday, May 6, 2024
spot_img

Latest Posts

මුර ක්‍රමය යටතේ ජලය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරන්නේ, පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාරිභෝගික ජල සබඳතා 69,220ක ප්‍රමාණයකට මුර ක්‍රමය යටතේ ජලය ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

මුර ක්‍රමය යටතේ ජලය සැපයෙන අවස්තාවල දී ඉල්ලුම වැඩි වූ විට අඩු පීඩන‍යක් යටතේ ජලය සැපයෙන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කරයි.

තවද එම මහත්මිය වැඩිදුරටත් කියා සිටින්නේ, වියළි කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතිය හොත් දැනට අවදානමට ලක් නොවූ ජල මූලාශ්‍ර ද අවදානමට ලක්විය හැකි බවයි.

මේ අතර, අද පෙරවරු 08.00 සිට හෙට අලුයම 02.00 දක්වා, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක් සඳහා පැය18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර ඇත.

තවද, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන, කටුබැද්ද සහ කඩුවෙල යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අදාළ කාලය තුළ අත්හිටුවීමට නියමිතව ඇත.

ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය අවධාරණය කරන්නේ , විදුලි බල මණ්ඩලයේ අධිබල විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය විසන්ධි කරන බැවින් ජල සැපයුම අත්හිටුවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan