දුම්රිය මාර්ග ද ඇතුළුව මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා 2027 අයවැයෙන් රුපියල් බිලියන 487ක් වෙන්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එහිදී කුරුණෑගල සිට ගලේවෙල දක්වා අධිවේගී මාර්ගය සඳහා රු. මිලියන 30,000ක් සහ රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා රුපියල් මිලියන 27,000ක් වෙන් කරන බවයි ඒ මහතා සඳහන් කළේ.
එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස සඳහා රු. මිලියන 53,450ක් සහ පොතුහැර – රඹුක්කන මාර්ගය සඳහා රු. මිලියන 4500ක් වෙන් කළ බව පැවසූ ජනාධිපතිවරයා රඹුක්කන – ගලගෙදර මාර්ගය සඳහා රු. මිලියන 23,050 ක් මෙන්ම අධිවේගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 8,500ක් වෙන් කරන බවත් ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ 2027 අයවැය කතාව අද (12) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරමිනි.


