සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට කිසියම් ආකාරයක ආර්ථික හෝ මූල්‍ය සහායක් ලබාදෙන ඕනෑම රටකට “දැවැන්ත ආර්ථික ප්‍රතිවිපාක” අත්විඳීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවා තිබේ.
ඊයේ(19)දිනයේදී සිය සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, ඉරානයේ ආර්ථික හුදකලා කිරීම සඳහා “මෙතෙක් කිසිදු රටකට එරෙහිව ක්‍රියාත්මක කළ වඩාත්ම දැඩි ආර්ථික මෙහෙයුම” ආරම්භ කිරීමට තමා සූදානම් බවයි.
ඉරානයට සහාය වීම ලෙස තෙල් ජාවාරම්, මූල්‍ය හුවමාරු, විනිමය ආයතන සහ ව්‍යාජ සමාගම් හරහා සිදුකරන ගනුදෙනුද ඔහු ඉලක්ක කර ඇති අතර එම අනතුරු ඇඟවීමට අදාළව කුමන නිශ්චිත දඬුවම් හෝ සම්බාධක පනවන්නේද, කුමන රටවල් ඉලක්ක කරන්නේද යන්න ට්‍රම්ප් මෙතෙක් පැහැදිලි කර නැත.

