රෂිකා හෙන්නායක අගෝස්තු 20 , කොළඹ LNW :
ඩුබායි ආරක්ෂක අංශ විසින් වනාතේ චතූ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අවිශ්ක මධුෂාන් අබේගුණවර්ධන නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මොහු ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතම සගයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
දැනට අත්අඩංගුවේ පසුවන පානදුර සළිඳු සහ හරක් කටා වැනි අපරාධකරුවන් ලබා දුන් තොරතුරු මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රසල්කයිමා ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන් වේ.
මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට අදාළ අංශ මගින් සිදු කරමින් පවතී. මෙම සිදුවීම මගින් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ජාත්‍යන්තර සහයෝගීතාවය මනාව පිළිඹිබු වේ.


