ඩෙංගු රෝගීන් 93,000 ඉක්මවයි. මරණ 71ක් දක්වා ඉහළට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: මේ දක්වා වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 93115ක් වාර්තා වී ඇති අතර මරණ 71 දක්වා ඉහළ ගොස් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 19825ක් ලෙස දැක්වෙයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් 18475ක් වාර්තා වී තිබේ.

තවදුරටත් ඩෙංගු අධි අවධානම් කලාප 96ක් පවතින බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එය සමස්තයෙන් 52.93ක් ලෙස දැක්වෙයි.

දෙවනුව වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...