යුක්රේනයේ රඟහලකට එල්ලකරන ලද ප්‍රහාරයකින් 7 දෙනෙකු මරුට,144 දෙනෙකුට තුවාල

Date:

ඊයේ(19) උදෑසන උතුරු යුක්රේනයේ චර්නිහිව් නගරයේ රඟහලකට එල්ලකරන ලද රුසියානු මිසයිලයක් හේතුවෙන් හය හැවිරිදි දැරියක් ඇතුළු හත් දෙනෙකු මියගොස් 144 දෙනෙකු තුවාල ලබා ඇතිබව යුක්රේන බලධාරීන් විසින් නිවේදනය කර තිබේ.

තුවාල ලැබුවන් අතර ළමුන් 15 දෙනෙකු ද වන බව වාර්තා කෙරෙන අතර, විපතට පත් වූවන් අතර පල්ලියේ ඕතඩොක්ස් ක්‍රිස්තියානි නිවාඩුවක් සමරමින් සිටි අයද සිටි බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සිවිල් පුරුවැසියන් ඉලක්ක කර එලල්කරන ලද මෙම ප්‍රහාරය නීච ප්‍රහාරයක් ලෙස හෙළාදැක ඇති අතර, යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශකර තිබුණේ, මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට යුක්රේන සොල්දාදුවන් විසින් නියත ලෙසම ප්‍රතිචාර දක්වන බවයි.

ප්‍රහාරය හේතුවෙන් නගරයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර මේ සම්බන්දයෙන් මොස්කව් තවමත් අදහස් දක්වා නැත.

සශිකලා මධුෂාණි-Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...