ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග පලස්තීන ජාතිකයින් ලක්ෂ ගණනක් ගාසා නගරයෙන් පලා යන බව විදෙස් මාධ්‍ය පවසයි. ගාසා නගරය අත්පත් කර ගැනීම සඳහා මේ වනවිට ඊශ්‍රායල් හමුදා දැඩි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එම වාර්තාවල දැක්වෙන්නේ, ඊශ්‍රායල හමුදාව සැලසුම් කර පරිදි ගොඩබිම් ප්‍රහාරයක පළමු අදියර ආරම්භ කිරීමෙන් පසුව ගාසා වැසියන් එලෙස පලා යමින් සිටින බවයි.

ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචන නොතකා ගාසා නගරය අල්ලා ගැනීමේ සැලැස්ම ඉදිරියට ගෙන යන බව ඇඟවීමට ඊශ්‍රායලයට අවශ්‍ය වී තිබේ.

අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේ, පවත්නා තත්ත්වය හේතුවෙන් ගාසා වැසියන් මිලියනයකට අධික පිරිසක් අවතැන් වී ඇති බවයි.

ඊශ්‍රායල ප්‍රහාරවලින් සහ කුසගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 81 දෙනෙකු මියගොස් ඇති බවද අල්ජසීරා පුවත් සේවය වාර්තා කළාය.

අල්ජසීරා පුවත් සේවයේ නවතම වාර්තාවක දැක්වෙන්නේ, ඉකුත් පැය 24 තුළ කුසගිනි හේතුවෙන් පලස්තීනුවන් තිදෙනෙකු මියගොස් ඇති අතර යුද ගැටුම් සමග පවතින ආහාර හිඟය නිසා දරුවන් 112 දෙනෙකු ද ඇතුළුව පලස්තීනුවන් 269 දෙනෙකු මියගොස් ඇති බවයි.

මේ අතර හමුදා මෙහෙයුමක් මඟින් අනිවාර්යයෙන් ඇති කරන මරණ හා විනාශ වළක්වා ගැනීම සඳහා ගසා තීරය සටන් විරාමයකට එළඹීමේ අවශ්‍යතාව එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් අවධාරණය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...