නොරොච්චෝලේ ප්‍රශ්නය තවත් ඇදෙයි …

Date:

දැනට බිඳවැටී ඇති නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය නැවතත් පද්ධතියට එක් කිරීමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

එහි දෝෂය හඳුනාගැනීම සඳහාත් තවත් දින තුනක් පමණ ගතවනු ඇති බවයි එම සංගමයේ ලේකම් යූ. ජී. නිශාන්ත මහතා සඳහන් කළේ.

එම බලාගාරය ස්ථාපිත කර වසර 12ක් ගතව ඇතත් තවමත් එහි නඩත්තු කටයුතු සිදුකරන්නේ චීන ජාතික ඉංජිනේරුවන් විසින් පමණක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

නොරොච්චෝලේ තාප බලාගාරයෙහි පළමු ජනන යන්ත්‍රය අක්‍රිය වුණේ පසුගිය සඳුදා (15) දිනයේදී ය. එහි දෙවැනි ජනන යන්ත්‍රය මීට මාසයකට පමණ පෙර සිට නඩත්තු කටයුත්තක් වෙනුවෙන් අක්‍රිය කර තිබේ. ඒ අනුව මෙම යන්ත්‍ර දෙක අක්‍රියව පැවතීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමිව ඇති විදුලි ධාරිතාව මෙගාවොට් 630කි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...