හිලරි නිවර්තන කුණාටුව කැලිෆෝනියාව අසරණ කරයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  වසර 84 කට පසු කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ පළමු කුණාටුව මේ වන විට දකුණු කැලිෆෝනියාව හරහා ගමන් කරමින් සිටී.  හිලරි නිවර්තන කුණාටුව හමා යාමෙන් පසු මිලියන 26 ක ජනතාවක් ගංවතුර අනතුරු ඇඟවීම් යටතේ සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

වාර්තාගත වර්ෂාවෙන් ලොස් ඇන්ජලීස් සහ පාම් ස්ප්‍රින්ග්ස් සහ ඩෙත් නිම්නය වැනි කාන්තාර ප්‍රදේශ ගංවතුරට ලක්ව ඇති බවත් , කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ජනාධිපති ජෝ බයිඩන් ෆෙඩරල් ආධාර නිකුත් කිරීම සඳහා නියෝග කර ඇති බවද සඳහන්.

දකුණු කැලිෆෝනියාවේ නායයෑම්, ගස් කඩාවැටීම් සහ ජලයෙන් යට වූ නිවාස වාර්තා වන අතර , පාසල් වසා දමා ඇති අතර ගුවන් ගමන් රැසක්ද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කැලිෆෝනියාවේ මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැති නමුත්  කුණාටුව හේතුවෙන් ව්‍යසනකාරී සහ ජීවිත හානි සිදුවිය හැකි තරමේ ගංවතුර ඇති විය හැකි බවයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...