රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ (LNW):
ජනපති රනිල් වික්රමසිංහට සහය දැක්වීමට සමගි ජන බලවේගයේ තවත් පිරිසක් එක් වී තිබෙන බව වාර්තා වේ, ඒ යාපන දිස්ත්රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ප්රචාරක ලේකම් යූ. එල්. එම්. එන්. මුබීන් සහ ශ්රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා යන අයයි.
රට තුළ නැවත පෝලිම් යුගයක් ඇති නොවිය යුතු අතර විවිධ පාර්ශව හදන රැලි පසුපස නොයා යුතු බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.