වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට අගෝස්තු වැටුප අහිමි වෙන ලකුණු!

කොළඹ LNW:වැඩ වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.

මාසික වැටුප අවශ්‍යනම් වහාම සේවයට වාර්තා කරන ලෙස තැපැල්පතිවරයා ලිපියක් මඟින් වර්ජනයේ නිරත සේවකයින්ට දැනුම් දී තිබේ.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති වෙතද මෙම දැනුම් දීම ලිඛිතව කර ඇති අතර වර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 140ක පමණ පාඩුවක් මේ වනවිට සිදුව ඇති බවයි තැපැල්පතිවරයා සඳහන් කරන්නේ.

වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබිය යුතුවන අතර වර්ජනය කරන අතරතුර වැටුප් ගෙවීම සඳහා මුදල් නිකුත් කිරීමක් නොකරන බව දැනුම් දී ඇති බව සත්කුමාර මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව සේවයට වාර්තා කළ අයට පමණක් වැටුප් ලැබීමට ඉඩ ඇති හෙයින් අද සිට සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ යෙදී සිටින අයට දැනුම් දෙන බවයි සත්කුමාර මහතා තවදුරටත් පවසන්නේ.

කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගෑසී තිබූ තැපැල් මලු බෙදාහෑරීමේ කටයුතු සිදුකරන බවද ඔහු ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...