22 ට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

Date:

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම අද ආරම්භ කෙරිණි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, අර්ජුණ ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරේ.

නාගානන්ද කොඩිතුවක්කු, වෛද්‍ය ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, තිස්ස බණ්ඩාර රත්නායක ඇතුළු පාර්ශ්ව 09 ක් මෙම පෙත්සම් ගොනුකර ඇති අතර නීතිපතිවරයා පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම්කර ඇත.

22 වැනි සංශෝධනයට ඇතුළත් ඇතැම් කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවත්, එතුළින් ආණ්ඩක්‍රම ව්‍යවස්ථා‌ව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ අදාල වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ හින්දු කෝවිලක තෙරපීමක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ්...

විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතිනවා – අතිඋතුම් කාදිනල් හිමිපාණන්

රෂිකා හෙන්නායක ජූලි 27,කොළඹ LNW : බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ...

මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට ඔයිටත් වඩා දැවැන්ත ආරක්ෂාවක් ඕනෑ. හෙලිකොප්ටරෙනුත් යන්න ඕනෑ – ඇමති ලාල්කාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව...

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...