කේබල් රථයක සිරවූ පාකිස්තානයේ පාසල් දරුවන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  පාකිස්තානයේ කේබල් රථයක සිරවූ පිරිසක් බේරාගැනීම සඳහා එරට ගුවන් හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එහි මේ වනවිට ළමුන් 6ක් සහ වැඩිහිටියන් දෙදෙනෙකු සිරවී සිටින ආකාරය දක්නට ලැබෙන බවයි.

පාකිස්තානයේ Pakhtunkhwa පළාතේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා සාමාන්‍යයෙන් මෙම කේබල් කාර් මගින් සිදුකෙනු ලබන අතර මෙම ළමුන් පිරිස සහ ගුරුවරුන් දෙදෙනා අද උදෑසන (7ට පමණ) සිය පාසල වෙත ගමන්කරමින් සිටින අතරතුර මෙම සිදුවීමට මුහුණදී තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ , මෙලෙස එම රථය සිරවී තිබෙන්නේ අඩි 1200ක පමණ ඉහලින් වීමත් අධික සුළං තත්ත්වයත් හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අසීරු වී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...