*
Sunday, September 15, 2024
spot_img

Latest Posts

ජනාධිපති රනිල් දැන් නත්තල් සීයට ඇඳලා.හැබැයි දිනන්නේ සජිත් – තිස්ස

කොළඹ LNW:ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකුව සිටියදීත් රනිල් වික්‍රමසිංහ මහතා නත්තල් සීයා කෙනෙකු මෙන් ජනතාවට සහනාධාර බෙදමින් පසුවෙන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදන තුනක් නැවත කැඳවීමට සිදුවුවත් ඔහු නැවත වතාවක් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකරන බව ප්‍රකාශ කර තිබෙන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මේ හරහා මැතිවරණය මූලික කරගනිමින් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය අහිමිකරමින් ජනතාවට අල්ලස් ලබාදෙන්න ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බවටයි ඔහු චෝදනා කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතාවට කුමන බලපෑමක් සිදුකළද සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම
ජයග්‍රහණය කරන බවද අත්තනායක මහතා අවධාරණය කළේය.

‘‘රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී තිබෙන ප්‍රධානතම මෙන්ම මූලිකම අයිතිවාසිකම දෙවතාවක් ජනතාවගෙන් උදුරාගෙන තිබෙනවා. පළාත් සභා වලට සංශෝධනයක් ගෙන එන බව පවසමින් අදටත් පළාත්සභා මැතිවරණය ජනතාවට අහිමි කර තිබෙනවා. මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක වුවත් ඒවා ජනාධිපතිගේ නියෝජිතයින් වන ආණ්ඩුකාරවරුන් යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. එය මුළුමනින්ම වැරදි ක්‍රියාමාර්ගයක්.පළාත් පාලන මැතිවරණ නොතබා එම මැතිවරණ කල් දමා තිබෙනවා. එයින් මහා ජනතාවගේ අයිතිවාසිකම් කඩකර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉතාමත් වැදගත් තීන්දුවක් දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලැජ්ජාවක් තිබෙනවා නම්ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි. ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් වලට එරෙහිව ශ්‍රේෂ්ටාධිකරණය මේ වන විට තීන්දු තුනක් ලබා දී තිබෙනවා.” යනුවෙන් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan