රනිල් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

වෛද්‍ය උපදෙස් අනුව ඒ මහතාව මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ.

ඊයේ (22) රාත්‍රී 10.00 ට පමණ ලබාදුන් අධිකරණ නියෝගයෙන් අනතුරුව වික්‍රමසිංහ මහතාව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගිය අතර එහිදී වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂා කර ඇති බවත් ඔහුගේ රුධිර පීඩනය සහ රුධිරගත සීනි මට්ටම වැඩිවී තිබීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිකුරාදා චාමර සම්පත් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා...

‘ෆෝට් හුඩ්’ ප්‍රහාරකයාගේ මරණ දඬුවම මහජනතාවට සජීවීව නැරඹීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් අවස්ථාව සලසයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : ඉතිහාසයේ...

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...