කොදෙව් බලා යන්න නම් කළ ශ්‍රී ලංකා 19 න් පිළට මහනුවරින් පහයි – කොළඹින් පහයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW:

කොදෙව් දූපත් හි පැවත්වෙන තරග 7 න් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සංචාරයට නම් කරන ලද කණ්ඩායමට මහනුවරින් ක්‍රීඩකයින් පහක් සහ කොළඹින් ක්‍රීඩකයින් පහක් එක්ව සිටිනවා.මහනුවරින් ඒක්ව සිටින ක්‍රීඩකයින් පස් දෙනාගෙන් සිව් දෙනෙකුම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සිසුවන් වීම කැපී පෙනෙනවා.


මේ අතර මහනුවර නියෝජනය කරමින් කණ්ඩායමට එකතු වූ පස් දෙනාගෙන් සිව් දෙනෙකුම මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කිරීම ද කැපී පෙණුනා.කොළඹ නියෝජනය කරන පස් දෙනාගෙන් දෙදෙනෙකු රාජකීයන් වෙනවාමේ අතර යාපනය නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.
මේ වන විට කොදෙව් දූපත් ද අවුරුදු 19 න් පහළ ක්‍රීකට් ගැන අලුතින් සිතන බවක් පෙනෙන්නට තිබෙනවා.ඒ් ඔවුන් ද සිම්බාබ්වේ සහ නැමීබියා හී පැවත්වීමට නියමිත 2026 යොවුන් ලෝක කුසලානය ඉලක්ක කරගෙන මේ වන විට කොදෙව් දූපත් අතර අවුරුදු 17 න් පහළ තරගාවලියක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.එහි දක්ෂතා දක්වන ලද ක්‍රිඩකින් ද මේ තරගාවලියේදී අනාගත සැළසුම් තහවුරු කර ගැනීමේ පරික්ෂාව වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනීමට ඉඩ තිබෙනවා.


මෙහි පහත දක්වා තිබෙන්නේ නම් කර තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමයි.
1.) විමත් දින්සර (නායකයා) – කොළඹ රාජකීය විද්‍යාලය
2.) දීමන්ත මහවිතාන – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
3.) පුලිෂ තිලකරත්න – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
4.) සෙනුජ වැකුණගොඩ – ශාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ
5.) ඇඩම් හිල්මි – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
6.) කවිජ ගමගේ – කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර
7.) විරාන් චමුදිත – ශාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර
8.) ජේසන් ප්‍රනාන්දු – ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ
9.) චාමික හීනටිගල – මහානාම විද්‍යාලය, කොළඹ
10.) රමිරු පෙරේරා – කොළඹ රාජකීය විද්‍යාලය
11.) සෙත්මික සෙනෙවිරත්න – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
12.) කුගදාස් මාතුලන් – ශාන්ත ජෝන් විද්‍යාලය, යාපනය
13.) සනුජ නින්දුවර – ශාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල
14.) රසිත් නිම්සර – ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල
15.) විග්නේෂ්වරන් ආකාෂ් – හාට්ලි විද්‍යාලය, යාපනය
16.) තරුෂ නවෝද්‍ය – සහිරා විද්‍යාලය, කොළඹ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...