මවුආරඇළ මහා පරිමාණ ගංජා වැටලීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 , කොළඹ LNW :

මොනරාගල, හම්බෙගමුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

එහිදී ප්‍රවාහනයට සූදානම් කර තිබූ ගංජා කිලෝග්‍රෑම් 1044කට වැඩි ප්‍රමාණයක් සොයාගත් අතර ඊට සම්බන්ධ සැකකරුවෙකුද අත්අඩංගුවට පත්විය.

මීට අමතරව, එම ප්‍රදේශයේම අක්කර එකහමාරක භූමි භාගයක පවත්වාගෙන ගිය නීති විරෝධී ගංජා වගාවක් වැටලීමට නිලධාරීන් සමත්ව තිබේ.

එහි තිබී ගංජා ගස් 54,000කට අධික සංඛ්‍යාවක් විනාශ කර ඇති අතර තවත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් ක්‍රියාත්මක කළ මෙම වැටලීම ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම අරමුණු කර ගත්තකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...