රෂිකා හෙන්නායක අගෝස්තු 23 , කොළඹ LNW :
කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශ යා කරමින් නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ලබන වසරේදී ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.
මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වන්නේ මහජනතාවට කාර්යක්ෂම සහ උසස් ප්‍රවාහන සේවාවක් සපයා දීමයි. මරදාන මූලික කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සේවාව හරහා දකුණු පළාතේ සිට පැමිණෙන මගීන්ට ද පහසුවෙන් කොළඹට ළඟා වීමට අවස්ථාව හිමිවේ.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ප්‍රකාශ කරන පරිදි, මේ වන විටත් මෙහි මූලික සැලසුම් කටයුතු අවසන් කර ඇත.
මීට අමතරව, රටේ අඩපණ වී තිබූ මහාමාර්ග හා ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘති රැසක් යළි පණගැන්වීමට පියවර ගෙන තිබේ.
මෙමඟින් මෙරට පොදු ප්‍රවාහන පද්ධතියේ ගුණාත්මක වෙනසක් අපේක්ෂා කෙරේ.
ඒ පිළිබඳ අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා,
“අපි ගෙනාවා මෙට්‍රෝ බස්. කොළඹ ඇතුළු නගරාසන්න ප්‍රදේශවලට දැන් මෙට්‍රෝ බස් යනවා. ඉතා හොඳ පහසුකම් යටතේ යන්නේ. බස් ගෙනාවා, බස් ගැමුණුට එළාර වැහෙනවා. ගැමුණු කෑගහනවා. මං අහගෙන ගැමුණු කියනවා ‘මේ ආණ්ඩුවක් ඇවිල්ලා ආණ්ඩුවේ ප්‍රවාහන සේවය ශක්තිමත් කරනවා’ කියල. ඉතින් අපි ආවේ ඕකටනේ! ඇයි ඔයා කලබල වෙන්නේ? ඕගොල්ලෝ කලබල වෙන්න එපා. අපි මේ රට හදනවා.
අපි විදුලි දුම්රිය මාර්ග ආරම්භ කරනවා ලබන අවුරුද්දේ. මරදානෙන් පටන් අරන් නගරාසන්න විදුලි දුම්රිය මාර්ග. ඔබට පුළුවන් වෙනවා බෙලියත්තෙන් රුහුණු කුමාරි නැග්ගොත් පානදුරෙන් බැහැලා විදුලි දුම්රියෙන් යන්න. අපි ඒ සැලැස්ම හදනවනේ. අපි ලබන අවුරුද්ද වෙනකොට පටන් ගන්නවා. ඇයි මිනිස්සුන්ට හොඳ ප්‍රවාහනයක් ඕනේ නැද්ද? ලෝකයේ තියෙන හොඳ දේවල් ගෙනත් දෙන්න ඕනේ නැද්ද? ගෙනත් දෙන්න ඕනේ. ඒගොල්ලෝ විතරද යන්න ඕනේ?
අපි හයිවේ හදනවනේ. අවුරුදු ගානක් තිස්සේ නුවරට යන්න විදියක් නැහැ. කටුනායක මීරිගම… ඒ පාරේ ඉතුරු ටික හැදුවේ නැහැ. අන්න අපි හදන්න පටන් ගත්තා. මේ අවුරුද්දේ අපිට ගොඩක් දේවල් අවසන් කරගන්න පුළුවන්. මෙහෙ ඉඳලා පැයක් යනවා නම් කටුනායක ඉඳලා මීරිගමට යන්න පැය දෙකක් විතර ඉන්නවා, අර පොඩි ප්‍රමාණය. අපි හදන්න පටන් ගත්තා.අපේ රටේ ජනතාවගේ බදු සල්ලි එක සත පහක් ණයට ගත්තේ නැහැ, රුපියල් බිලියන 112ක් කුරුණෑගල ගලගෙදර අධිවේගී මාර්ගය දැන් වැඩ ආරම්භ කරලා තිබෙනවා. පටන් ගත්තා. කවුද වැඩ කරන්නේ නැහැ කියන්නේ? ඇයි මේවා වැඩ නෙමෙයිද? ඒවාත් වැඩ”

