තායිලන්ත හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා සිරගත කරයි

Date:

තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා වසර 15ක පිටුවහල් ජීවිතයෙන් පසු ඊයේ (22)දින පෞද්ගලික ජෙට් යානයකින් දොන් මුඑන්ග් ගුවන් තොටුපළට පැමිණීමෙන් අනතුරුව, ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහුට එරෙහි බලපැවැත්වූ අපරාධ නඩුවලට වරදකරු වීම හේතුවෙන් වසර 8ක සිර දඩුවම් නියම වී ඇතිබව වාර්තා වේ.

තායි දේශපාලනයේ වඩාත්ම බලගතු චරිතයක් මෙන්ම විදුලි සංදේශ ප්‍රකෝටිපතියෙකු වන 74 හැවිරිදි තක්ෂින් ෂිනවත්‍රා විශේෂයෙන් ග්‍රාමීය දුප්පතුන් අතර අතිශයින් ජනප්‍රිය වන අතර බැංකොක්හි බොහෝ ධනවත් ප්‍රභූන් අතර දැඩි ලෙස අප්‍රසාදයට පත් චරිතයකි.

වසර පහකට වැඩි ධුර කාලයකට පසු දූෂණය සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබූ තක්ෂින් ෂිනවත්‍රා 2006 සැප්තැම්බර් මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරනු ලැබිය.

ගත වූ වසර 17 තුළ තායිලන්තයේ අගමැතිවරු 10 දෙනෙකු බලයට පැමිණි මුත් තක්ෂින් තායිලන්තයේ දේශපාලනය තුළ නොමැකෙන චරිතයකි. මේ වන විට ඔහුගේ බාල දියණිය වන 37 හැවිරිදි Paetongtarn විසින් නායකත්වය දෙන Pheu Thai පක්ෂය නව පාලක සභාගය තුළ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරමින් තිබේ.

සශිකලා මධුෂාණි-Outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...