උපාධිධාරී ගුරුසේවයේ පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ , උපාධිධාරී ගුරුසේවයේ පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි .

ඒ අනුව ගුරුසේවයේ විශ්‍රාම ගිය සහ සේවය හැරගිය පිරිස් හේතුවෙන් ඇති වී ඇති පුරප්පාඩු පිරවීමට අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් පළාත් සභා සඳහා බලය ලබාදෙන බවත්  , ගණිත, විද්‍යා සහ තාක්ෂණ ගුරුවරුන් 5,400ක් බඳවා ගැනීමට මේ වනවිටත් පළාත් සභා සඳහා අවස්ථාව දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේම ගුරු පුරප්පාඩු 32,000ක් පමණ ඇති බවත් එම පුරප්පාඩු පිරවීමට විවිධ බාධක මතු ව ඇති බවද ඒ මහතා කියා සිටියේය.

තවද, ඉදිරියේ දී රජයේ පාසල් සඳහා ගුරුවරුන් අටදහසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා අවධාරණය කරයි. මේ අනුව උපාධිධාරී ගුරුවරුන් 5500ක් සහ දෙවන භාෂා ගුරුවරුන් ලෙස ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...