ව්‍යාජ අඩ නිරුවත් වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදාහල පාසල් සිසුවාට සිදුවූ දේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ප්‍රසිද්ධ ළමා නිළියකගේ ව්‍යාජ අඩ නිරුවත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන බවට පවසමින් අදාළ සිසුවියගේ මව විසින් පසුගියදා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ගොනුකර ඇති අතර ඒ අනුව  එම වීඩියෝ පටය සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය කළ 15 හැවිරිදි පාසල් සිසුවකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සිසුවා අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර ඇති බව වාර්තා වේ.

බෙලිඅත්ත ප්‍රදේශයේ පාසල් සිසුවකු විසින් අදාළ වීඩියෝ පටය සමාජ මාධ්‍යය වෙත මුදාහැර ඇති බව,  ඒ අනුව විමර්ශන සිදුකළ අදාළ කොට්ඨාසය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අනතුරුව ඔහු ඊයේ (23) එම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර , එහි දී අනාවරණ වුණේ, අදාළ වීඩියෝපටය සමාජ මාධ්‍යය වෙත මුදාහැර ඇත්තේ, බෙලිඅත්ත ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවකු විසින් බවයි.

සැකකාර සිසුවා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන අමතර පංති සඳහා සිය මවගේ ජංගම දුරකතනය ලබාගෙන එමඟින් එක්වූ වට්ස්ඇප් සමූහයක් වෙත අදාළ වීඩියෝ පටය මුදාහැර ඇති බව විමර්ශන නිලධාරීන් වෙත පවසා ඇත.

එමෙන්ම ව්‍යාජ ලෙස සකසන ලද අදාළ වීඩියෝපටය වෙනත් පුද්ගලයෙකුගෙන් ලැබුණු බව ඔහු පැවසූව ද එම පුද්ගලයා කවුරුන් ද යන්න පිළිබඳ සැකකාර සිසුවා විමර්ශන නිලධාරීන් වෙත පවසා නැති බවද තොරතුරු වාර්තා වේ.

එහිදී  සැකකාර පාසල් සිසුවා අද (24)  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහි දී සැකකාර සිසුවා ඇප මත මුදාහැරුණු බවයි සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...