නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW:
ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාවේ ජාතික සූරිය වන රනිත්මා ලියනගේ තමන් සහභාගි වූ පළමු තරගය ජය ගත්තාය.18 හැයිරිදි රනිත්මා තරග වැදුණේ 27 හැවිරිදි අයර්ලන්තයේ රැචෙල් ඩරාග් සමඟ ය.රුචෙල් ප්‍රථම වටය තියුණු සටනකින් පසුව ජයගත් අතර එහිදී ඇයට එරෙහිව සුවිශේෂි සටනක් දියත් කළ රනිත්මා ලකුණු 21 – 19 ක් ලෙස එම වටයේ දී පරාජයට පත් වූවාය.දෙවන වටයේදී රනිත්මා රැචෙල්ව අභිබවා යමින් ලකුණු 21 – 11 ක් ලෙස ජය ගැනීමට සමත් වූ අතර තෙවන වටයේ දී ලකුණු තත්ත්වය 11 – 3 ක්ව තිබියදී රැචෙල් තරගයෙන් ඉවත් වන්නට තීරණය කළේ රනිත්මාට ජයග්‍රහණය පිරිනමමින්ය.
යම් ඔාරිරික අපහසුතාවයක් මත රැචෙල් ඉවත් වන්නට තීරණය කරන්නට ඇත.එහෙත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 159 වන තැන සිටින රැචෛල් ව පරාජය කිරීමේ හැකියාව 107 වන තැනට ශ්‍රේණිගතව සිටින රනිත්මාට හැකි බව පැහැදිළිය.රනිත්මා ඊ ළග වටයේදී තීරණාත්මක තරගයකට මුහුණ දෙන්නිය.ලොව 12 වන තැනට ශ්‍රේණිගතව සිටින කොරියාවේ ෂිම් යූ ජින්,රනිත්මාගේ ප්‍රතිවාදිනිය වන්නීය.
දීර්ඝ අනාගතයක් ඇති රනිත්මා මේ වන විට එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රබලතම බැඩිම්න්ටන් ක්‍රීඩකයෙක් වන දිලූක කරුණාරත්න යටතේ පුහුණුව ලබන්නීය.ඇයගේ කළමණාකරු වශයෙන් කටයුතු කරන්නේ ද බැඩ්මින්ටන් ක්‍රීඩාව සම්බන්ධයෙන් හසල දැණුමක් ඇති ශ්‍රී ලංකාව බිහි කළ සුවිශේෂිම බැඩිමින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්නය.එසේම මෑතකාලීනව ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩාවේ සැබෑ පුනරුදයේ ගෞරවය හිමි විය යුතු රොහාන්ද සිල්වාගේ ආදරණීය අනුග්‍රාහකත්වය ද රනිත්මාට හිමි වන්නේය.
සාර්ථක ගමණකට අවශ්‍ය්‍ය සාර්ථකත්වයේ සාධක බොහෝ ඉටු වී ඇති ක්‍රීඩිකාවක වීමේ භාග්‍යය සහිත රනිත්මා ශ්‍රී ලංකාවේ කාන්තා බැඩිමින්ටන් ක්‍රීඩාවට බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩිකාවක බව අවිවාදිතය.

