ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW:

සිව් වසරකට පසුව අවුරුදු 40 ක් වෙන මනුස්සෙක් ක්‍රිකට් ගහන්න ජාතික කණ්ඩායමකට කැඳවීම තරමක් විශ්වාස කරන්න අමාරු කතාවක්.එහෙම වෙන්න තියෙන්න ඕනි පළමු සාධකය ඔහු තරම් ඔහුගේ ක්‍රිකට් වයස නැතිවීමයි.මේ හැකියාවැති අවුරුදු 40 තරුණ ක්‍රිකට් ක්‍රීඩකයා කළක් සිම්බාබ්වේ ජාතික කණ්ඩායමට සාර්ථක නායකත්වයක් දුන් බ්‍රෙන්ඩන් ටේලර් වන අතර ඔහු ශ්‍රී ලංකාවට මුහුණ දෙන සිම්බාබ්වේ කණ්ඩායමට කැඳවා තිබෙනවා.


ටේලර් තමන්ට සහ තමන්ගෙ ක්‍රිකට්වලට ආදරය කරන්න පටන් අරගෙන තියෙන හරිම මොහොත ඔහුට උදාවෙන්නෙත් අවුරුදු 40 ලැබුවට පසුවයි.දැඩි අවධානයක් දිනා ගත් පිතිකරුවෙකු වූ ටේලර් ඊට පෙර ක්‍රීඩාවට ආදරය නොකළානම් ඔහු ලෝකය පිළිගත් පිතිකරුවෙකු වන්නේ කෙසේද යන ගැටළුළු මතු වෙනවා.තමන්ගේ ඇඟේ ලේ එක්ක කළවම් වෙලා තියෙන හැකියාව ලේවලට වෙනයම් දෙයක් කළවම්වීමෙන් උපදින බව සිතීම අද වන විට ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව ලංකාවෙත් බොහෝ කේෂ්ත්‍රවලට ගැටළුවක් හැටියටයි දකින්නෙ.


ටේලර් වෙලා ගන්නෙත් එම ගැටළුවමයි.ඒ කොකේන් නම් මත් ද්‍රව්‍ය.ටේලර් කොකේන් සහ ඩොලර් 15000 ක් වෙනුවෙන් තරග පාවාදීම සඳහා ඉන්දීය ව්‍යාපාර්කයෙකුගෙන් අල්ලස් ලබා ගත් බව ඔප්පු වීම නිසා වසර හතරක තහනමක් පැනවෙනවා.එම තහනමෙන් පසුව තමයි ටේලර් නැවත පිටියට එන්නෙ.
බොහෝ විට ඔහුට වසර හතරක තහනමත් සමඟ තමයි කොකේන් වෙනුවට ජීවිතය මුණගැහෙන්න ඇත්තෙ.වැරදි විදිහට ලබා ගන්න ජයග්‍රහණ සහ උපයන ධනය විසින් ඇති කරන අවමානය වෙනස් කරන්න කොයිතරම් මිලක් වැය කළත් නොහැකි බව ටේලර්ට හැඟෙන්න ඇති.ඒ හැඟීමත් එක්ක ශ්‍රී ලංකාවට මුහුණ දෙන සිම්බාබ්වේ කණ්ඩායම ටේලර්ගේ නමත් සමඟ පතින් දක්වනවා.ක්‍රේග් එවනස් නායකත්වය දරන සිම්බාබ්වේ කණ්ඩායමට ක්‍රීඩකයින් 16 ක් ඇතුළත් වෙනවා.
ක්‍රේග් අර්වින් (නායක),
බ්‍රයන් බෙනට්,
ජොනතන් කැම්බල්,
බෙන් කරන්,
බ්රැඩ් එවන්ස්,
ට්‍රෙවර් ග්වන්ඩු,
වෙස්ලි මාදේවෙරේ,
ක්ලයිව් මැඩන්ඩේ,
අර්නස්ට් මසුකු,
ටෝනි මුනියොංග,
බ්ලේසින් මුසරබානි,
රිචඩ් නගරාවා,
නිව්මන් නයම්හුරි,
සිකන්දර් රාසා,
බ්‍රෙන්ඩන් ටේලර්,
ෂෝන් විලියම්ස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...

රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන...

රනිත්මා ප්‍රංශයේදී අයර්ලන්තය අභිබවා යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන්...

පෙන්ටගනය විසින් චිකාගෝ සහ නිව්යෝර්ක්හි විශේෂ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...