රන්ජන් නිදහස ලබා වැලිකඩින් පිටව යයි – මනූෂට ජනතාවගෙන් හූ සංග්‍රහයක්!

Date:

කොන්දේසි සහිත ජනාධිපති සමාව යටතේ නිදහස් ලබා රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතක පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් තිබේ.

නිදහස් ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන රන්ජන් රාමනායක මහතාව පිළිගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මෙන්ම විපක්ෂයේ සිට ආණ්ඩුවට එක් වූ මනූෂ නානායක්කාර අමාත්‍යවරයාද එහි ගොස් සිටියේය.

රන්ජන් රාමනායක මහතාට සහය පතා ඔහුගේ ආධාරකරුවන්ද එම ස්ථානයේ රැස්වී සිටින අයුරුයි දක්නට ලැබුණේ.

අධිකරණ පද්ධතියට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් බරපතල වැඩසහිතව සිර දඬුවම් නියමු වූ අතර ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණට ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය මඟින් ඊට සමාව අයැද තිබේ.

කෙසේවෙතත් අද දින නිදහස් ලබා පැමිණෙන රන්ජන් රාමනායක මහතා පිළිගැනීමට බන්ධනාගාරය ඉදිරියට ගොස් සිටි මනුෂ නානායක්කාර මහතාට ජනතාව හූ සංග්‍රහයක් ද ලබා දී ඇත.

ඒ, පසුගිය ජන අරගලයට එක්වූවන්ට එරෙහිව මේ වන විට අත්තනෝමතිකව නීතිය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළකරමිනුයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...