රන්ජන් නිදහස ලබා වැලිකඩින් පිටව යයි – මනූෂට ජනතාවගෙන් හූ සංග්‍රහයක්!

Date:

කොන්දේසි සහිත ජනාධිපති සමාව යටතේ නිදහස් ලබා රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතක පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් තිබේ.

නිදහස් ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන රන්ජන් රාමනායක මහතාව පිළිගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මෙන්ම විපක්ෂයේ සිට ආණ්ඩුවට එක් වූ මනූෂ නානායක්කාර අමාත්‍යවරයාද එහි ගොස් සිටියේය.

රන්ජන් රාමනායක මහතාට සහය පතා ඔහුගේ ආධාරකරුවන්ද එම ස්ථානයේ රැස්වී සිටින අයුරුයි දක්නට ලැබුණේ.

අධිකරණ පද්ධතියට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් බරපතල වැඩසහිතව සිර දඬුවම් නියමු වූ අතර ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණට ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය මඟින් ඊට සමාව අයැද තිබේ.

කෙසේවෙතත් අද දින නිදහස් ලබා පැමිණෙන රන්ජන් රාමනායක මහතා පිළිගැනීමට බන්ධනාගාරය ඉදිරියට ගොස් සිටි මනුෂ නානායක්කාර මහතාට ජනතාව හූ සංග්‍රහයක් ද ලබා දී ඇත.

ඒ, පසුගිය ජන අරගලයට එක්වූවන්ට එරෙහිව මේ වන විට අත්තනෝමතිකව නීතිය ක්‍රියාත්මක කිරීමට විරෝධය පළකරමිනුයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...