රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW :
දීර්ඝ සති අන්ත නිවාඩුව ආරම්භ වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අධිවේගී මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
විශේෂයෙන්ම මීරිගම, යග්ගපිටිය, මත්තල සහ කඩවත වැනි පිවිසුම් හා පිටවීමේ මර්මස්ථානවල වාහන පෝලිම් දක්නට ලැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය තහවුරු කරයි.
මීට අමතරව, නිවාඩුව සඳහා ගම්බිම් බලා යන ජනතාව නිසා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේද අධික මගී තදබදයක් නිර්මාණය වී ඇත.
ජනතාව විවේකී කාලය ගත කිරීමට විවිධ ප්‍රදේශ කරා ගමන් කිරීම මෙම අධික තදබදයට ප්‍රධාන හේතුව වී තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් ගමනාගමන කටයුතු සඳහා වෙනදාට වඩා වැඩි කාලයක් වැයවන බව පෙනෙන්නට ඇත.


