රෂිකා හෙන්නායක අගෝස්තු 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
නේපාලයේ සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ හදිසියේ හටගත් විශාල ගංවතුරක් හේතුවෙන් අවම වශයෙන් අට දෙනෙකු මියගොස් සිය ගණනක් අතුරුදහන් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
හිම කන්දක් කඩා වැටීමෙන් ගංගාවක් අවහිර වී මෙම ස්වභාවික විපත්තිය සිදු වී ඇති අතර, ඉන් ගම්මාන, මාර්ග සහ විදුලි ව්‍යාපෘති රැසකට දැඩි හානි සිදුවී තිබේ.

අතුරුදහන් වූවන් අතර විදේශීය සංචාරකයින් විශාල පිරිසක් ද සිටින බැවින් නේපාල හමුදාව හෙලිකොප්ටර් යානා යොදවා සහන සේවා ක්‍රියාත්මක කරමින් සිටී.
මෙම ආපදාව නිසා දේශසීමා ප්‍රදේශවල විදුලිය සහ සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව සඳහන් වේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි අහිතකර කාලගුණික තත්ත්වයන් වර්ධනය වී ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙන අතර චීන සහ නේපාල බලධාරීන් එක්ව කඩිනම් මුදාගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත. නේපාල අග්‍රාමාත්‍යවරයා ද මේ සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් කැඳවමින් අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන තිබේ.


