රෂිකා හෙන්නායක අගෝස්තු 26 , කොළඹ LNW :
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීම, උතුරු දිශාව බලා සුභ මොහොතින් ආරම්භ වූ අතර, මෙම උත්කර්ෂවත් පෙරහැරේ සදාතුක කරඬුව වැඩමවීම සිදු කරනු ලබන්නේ වාසනා හස්තියා විසිනි.
ශ්‍රී ලාංකීය සංස්කෘතික අනන්‍යතාවය විහිදාපාන මෙම ආගමික උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් කන්ද උඩරට රාජධානිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම පෙරහැර මංගල්‍යය ශ්‍රී ලාංකික ප්‍රෞඬත්වය මැනවින් විදහා දක්වයි.


