හාද්දක් ගිය දුරක්!

Date:

ලෝක කුසලානය අසබඩ අනිසි අන්දමේ සිපගැනීමක් හේතුවෙන් එම්බාටල් ස්පාඤ්ඤ පාපන්දු ප්‍රධානී Luis Rubiales හට FIFA විසින් දින 90ක තාවකාලික තහනමක් පනවා තිබේ.

46 හැවිරිදි ඔහු ස්පාඤ්ඤ පාපන්දු අභ්‍යන්තරයෙන් සහ රජයෙන් එල්ල වන පීඩනය නොතකා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පසුගිය ඉරිදා එංගලන්තයට එරෙහිව ස්පාඤ්ඤය ගෝල 1-0ක ජයග්‍රහණයක් ලැබීමෙන් අනතුරුව පැවති සම්මාන උළෙලේදී ඔහු ක්‍රීඩිකාවක් වන ජෙනී හර්මෝසෝ අල්ලාගෙන ඇගේ දෙතොල් සිපගත් බව දැන් කාටත් නොරහසකි.

FIFA ප්‍රකාශ කළේ ඔවුන් Rubiales මහතා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සියලුම පාපන්දු ක්‍රියාකාරකම් වලින් අත්හිටුවා ඇති බවයි.

අද සිට ක්‍රියාත්මක වන මෙම අත්හිටුවීම මූලික දින 90 ක කාලයක් රුබියල්ස් මහතාට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කෙරේ.

33 හැවිරිදි ඉදිරිපෙළ ක්‍රීඩිකාවක් වන හර්මෝසෝ පැවසුවේ කිසිම මොහොතකවත් ඇය එම අනිසි අන්දමේ ඇයට ලබා දුන් හාදුවට එකඟ නොවූ බවයි. ඇය සහ ඇයගේ සගයන් නැවතත් ස්පාඤ්ඤය වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවට ද ප්‍රකාශ කර ඇත.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...