සිරියාවේ පළාත් කිහිපයක රාජ්‍ය විරෝධී විරෝධතා

සිරියාවේ රජය විසින් ඉන්ධන සහනාධාර අවසන් කිරීමත් සමග ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ රජයට එරෙහි විරෝධතාවයන් ඩාරා සහ ස්වීඩා පළාත්වල පැවැත්වූ බව වාර්තා වේ.

වසර ගනනාවක යුද්ධයෙන් හා ආර්ථික අර්බුදවලින් වෙලී සිටින සිරියානුවන්ට ඉන්ධන සහනාධාර අවසන් කිරීම දැඩි පහරක් විය.

මේ සම්බන්ධයෙන් AFP පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, ඩාරා පළාතේ බොස්රා අල්-ෂාම් නගරයේ දුසිම් ගනනක් ජනයා අසාද්ගේ පාලනය අවසන් කරන ලෙස විවෘතව ඉල්ලා සිටි බවයි. එමෙන්ම විරෝධතා පුවරු රැගත් විරෝධතාකරුවන් සිරියාව අපේ මිස අසාද් පවුලගේ නොවේ යනුවෙන් ආණ්ඩුව වෙත සිය අප්‍රසාදය මෙහිදී ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...