යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරණ නිරීක්ෂණයට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ (LNW):

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පරිපාලන විධිවිධාන කැබිනට් මණ්ඩලයේ සැලකීමට යොමු කර ඇත.

2024 ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් මෙරටට එවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති විසින් යුරෝපා සංගමයට ආරාධනා කර තිබුණු අතර, එකී සංගමයේ රෙගුලාසි යටතේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පරිපාලන විධිවිධාන අත්සන් කළ යුතුයි.

ඒ අනුව දෙපාර්ශ්වය අතර 2024-08-05 දින 2024 ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් වන පරිපාලන විධිවිධානයන්ට අත්සන් තබා ඇති අතර, ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන ඇත..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙලිහුල්ඔය නන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්!

බලංගොඩ, බෙලිහුල්ඔය නන්පෙරියල් රක්ෂිතයේ පෙරේදා (13) පස්වරුවේ ගින්නක් හටගෙන...

මිද්දෙනියේ කන්ටේනර් දෙකේ රසායනික ද්‍රව්‍ය ගැන වාර්තාව පොලීසියට

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනියෙන් හමුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය...

පොලීසියේ ලොක්කෙකුට එරෙහිව තවත් ලොක්කන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ?

ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම නිලධාරියෙකුට එරෙහිව තවත් ඉහළ නිලධාරීන්...

සිහින ගමනාන්තය” (Dream Destination) යටතේ අලුත් වන මරදාන දුම්රිය ස්ථානය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : හෙට(15) දින...