*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

QR, GR , RR සහ R – තාරක ලියයි

දේශපාලනිකව විග්‍රහ කරන්න බොහෝ දේ තිබුණත් එකිනෙකට සම්බන්ධිත කරුණු හතරක් ගැන කතා කරන්න තාරක කල්පනා කෙරුවා. 

 1. QR

ඉන්ධන අර්බුදයට විසඳුමක් හැටියට ආණ්ඩුව සලාක ක්‍රමයක් හඳුන්වලා දුන්නා. හැටේ දශකයේ හෝ හැත්තෑව දශකයේ තිබුණු සලාක කාඩ් එක වෙනුවට QR කෝඩ් එකක් හඳුන්වාදීම ගැන අපි නම් උපහාසයෙන් කතා කරන්නෙ නෑ. මොකද, අපි තාක්ෂණයට පක්ෂපාත විද්‍යාව පැත්තෙ හිට ගන්න මිනිස්සු නිසා. හැබැයි හත්පොළේ ගාගත්ත නාගත්ත ආණ්ඩුවක් – ජනවරමක් නැතුව අටවගත්ත ආණ්ඩුවක් ආර්ථික අර්බුදයට කෙටිකාලීන හෝ දිගුකාලීන විසඳුමක් නැති අල්ලපනල්ලෙ QR කණා ෂොට් එකක් ගැහුවාම ඛණිජ තෙල් ඇමතිගෙ ෆොටෝ එක දාලා ‘තෑන්ක් යූ කාංචන’ කියන සමාජය ගැන නම් අපිට තියෙන්නෙ පට්ට දුකක්. මොකද අපි දේශපාලන අවිද්‍යාව පැත්තෙ හිට නොගන්න මිනිස්සු නිසා. 

අපායෙ ඉන්ටර්වල් ඉවර වෙන එක අපට සතුටක් නෙවේ. හැබැයි ආර්ථික අර්බුදයේ ඊළඟ වටය එනකොට තෑන්ක් යූ කියපු කටවල්වලින් **යූ කියවෙන්න නියමිත බව කවුරු කවුරුත් මතක තියාගන්න ඕනෙ.

 චීනෙටයි ඉන්දියාවටයි මාරුවෙන් මාරුවට දොල පිදේනි දීලා ආර්ථිකය බැලන්ස් කරගන්න බැරි බව රනිල් වික්‍රමසිංහ නොදන්නවා නෙවෙයි. ඒත් එයා මේ වෙලාවෙ ඉන්නෙ තමන්ගෙ ජනාධිපති සිහිනයේ මධුසමය ඇතුළෙ.

 පන්සල් ගිහිල්ලා, ළමයි වඩාගෙන, ත්‍රිවිධ හමුදාවට උම්මා දීලා, එයා අවුරුදු ගානක් පේන තෙක් මානයේ බලාගෙන හිටපු අනිත් ජනාධිපතිවරු කරපු විදියටම පාරෙ ඉන්න මිනිස්සුන්ට අත වනලා ගෙදර එනකොට ආර්ථිකයට බඩු හම්බවෙලා තියෙන්න බොහෝවිට ඉඩ තියෙනවා. එයාගෙ ට්‍රයි එක අපායෙ ඉන්ටර්වල් එක අවුරුදු දෙකක්වත් ඇදගන්න. එහෙත් ඊට ගතවන සත්‍ය කාලය, කී ප්‍රමාණයෙන් හතරෙන් එකක් විතර වෙයි කියන එකයි අපේ ගණන් හැදීම. ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් කියලා කවුරු නැති වුණත් රනිල් වික්‍රමසිංහ දන්නවා. අන්න ඒ නිසා වහලෙ කඩන් වැටෙන දවසට මේ කුණ්ඩවාලය කාගෙ හරි කරේ ගහලා හිනාවෙවී විශ්‍රාම ජීවිතයට නොගියොත් එහෙනං ඒ රනිල් වෙන්ඩ බෑ. 

2. GR

QR කියන්නෙ ‘quick response ‘ හෙවත් ‘ඉක්මන් ප්‍රතිචාර’ කියන එකයි. ජූලි 9 ජන බලය නැග එන හැටි ඇස් දෙකෙන් දැක්ක ගෝඨාභය රාජපක්ෂගෙ ඉක්මන් ප්‍රතිචාරය වුණේ රටින් පලා යන එක. මාස දෙකකට ආසන්න කාලයක් තිස්සෙ යන එන මං හොය හොය ලෝකෙ වටේ රවුම් ගහන GR ආපහු ලංකාවට ගොඩබහින්ඩ යනවා කියලා කනින් කොනින් ආරංචි පැතිරෙනවා. ගෝඨාභය ආපහු ලංකාවට ආවොත් ගෝඨාභයට වෙන්නෙ 2015 මැදමුලනට පහු බැහැලා දේශපාලන මැක්කන්ගෙ ඉල්ලීමට ආපහු බල ක්‍රීඩාවට ආපු මහින්දට අත් වෙච්ච ඉරණමම තමයි.

 ගෞරවය ලෙෆ්ට් වෙලා අනුකම්පාව දශමයක් ඉතුරු වෙච්ච වෙලාවක ඒ අනුකම්පාව බලය වෙනුවෙන් ඔට්ටුවට තියලා ගේම් ගහන්ඩ ලෑස්ති වෙලා සුපිරිම පරිප්පුවක් කන අන්ත බලලෝභී දේශපාලන හිඟන්නෙක් ලෙස අන්තිම කාලය ගත කරනවාද කියලා තීරණය කරන්න ඕන GRම තමයි. 

3. RR

ජනාධිපති සමාව හම්බවෙලා එළියට ආපු රන්ජන් රාමනායක ගැන ප්‍රධාන වශයෙන් මත දෙකක් පළ වෙනවා. එකක් තමයි, රන්ජන් රන්ජන්වම පාවලා දුන්නා කියන එක. අනිත් මතය තමයි, කොහොමහරි කමක් නෑ නිදහස් උන එක හොඳයි කියන එක. ඒ මත දෙක එහෙම තියෙද්දි තාරක මෙහෙම කියන්න කැමතියි. රන්ජන් රන්ජන්වම පාවලා දුන්නද කියන්න තාම ඉක්මන් වැඩියි. මොකද මරණයේ එළිපත්ත ළඟට ගිහින් භීෂණයේ ගොදුරක් නොවී වංගුවක් ගහලා ජීවිතේ බේරගෙන වංගුවේ වන්දිය ගෙවන්න ධනවාදයට කඩේ නොයා ආපහු වාමාංශික දේශපාලනය කරන මිනිස්සු ගැන තාරක දන්නවා. RR වමෙක් නෙවේ තමයි. මරණයේ එළිපත්තට නොයාම ධනවාදයට කඩේ ගිය වම්මුත් හිටියා. හැබැයි RR ටිකක් අමුතු භාණ්ඩයක්. ඒ අමුතුකම නිදහස් වෙලා මුලින්ම තියපු මාධ්‍ය සාකච්ඡාවෙදිත් පෙනුනා. ඒ අමුතුකම පෙරළිකාර දේශපාලන හරයක් බවට පරිවර්තනය කරගන්න තරම් පරිණතබවක් RRට තියෙනවද නැද්ද කියන එක නුදුරු අනාගතයේදී පෙනෙයි. මනූෂලගෙ හරීන්ලගෙ ඩීල් දේශපාලනය මැද්දෙන් RR ඒක කරන හැටි හෝ නොකරන හැටි තාරකත් බලාගෙන ඉන්නවා. ඒ ප්‍රතිඵලය එනතුරු.. “නෝ කමෙන්ට්ස් මල්ලි !”

 4. R

රාජපක්ෂ පවුලේ දේශපාලන සලාකය හෙවත් QR කෝඩ් එක තමයි R හෙවත් රනිල්. ඒ QR කෝඩ් එක නිකුත් කළේ රාජපක්ෂ රෙජීමය. යම් හෙයකින් රනිල් දැන් තමන්ට හීලෑ නෑ කියලා රාජපක්ෂලාට හිතුණොත් හරි තමන්ගෙ දේශපාලන කෝටා එකට කෙළින්න එනවා කියලා රාජපක්ෂලාට තේරුණොත් හරි රනිල්ගෙ  ජනාධිපතිකම කැන්සල් වෙනවා. රන්ජා පවා මේ වෙලාවෙ දෙන නිදහස භාර ගන්නෙ රනිල් කැන්සල් වෙලා ආපහු රාජපක්ෂලා සම්පූර්ණයෙන්ම බලයට ආවොත්, එදාට එළියට එන්න හිතනවට වඩා අමාරු බව දන්න නිසා වෙන්න පුළුවන්.

 කොහොම වුනත් රනිල් දැනට හොඳටම හීලෑ වෙලා. අරගලකරුවන් දඩයම් කරමින් R පෙන්නන්නෙ MRලාට GRලාට BRලාට NRලාට තියෙන හීලෑකම මිසක් වෙන මොකවත් නෙවෙයි. මෙච්චර කල් දාන් හිටිය ලිබරල් වෙස් මුහුණ ගලවලා ජාතිකවාදී මිලිටරිවාදී සැබෑ වියරු මුහුණ ටිකෙන් ටික එළියට දාන එකෙනුත් රනිල්ගෙ දෘෂ්ටිවාදී හීලෑ වීම ප්‍රකාශමාන වෙනවා. 

*      *          *             *           *             *         *

ඉතින් ආදරණීය ජනතාවෙනි, තත්ත්වය මේකයි. සිව් මසක අරගලයෙන් ඔබ ටිකක් විඩාබර වෙලා බව ඇත්තයි. ආර්ථික අර්බුදය ඔබව හතර අතින් වෙලාගෙන බවත් ඇත්තයි. ඒ ඇත්ත තිත්තයි. ඒත් ඒක එහෙම උනත් මේ ප්‍රශ්නවලින් මිදෙන අපේ QR එක විය යුත්තේ අරගලය මිස වෙන යමක් නොවෙයි. ඒත් එය ඉක්මන් ප්‍රතිචාරයක් බවට පමණක් පත් වී වැඩක් නෑ. දුර දක්නා ප්‍රතිචාරයක් විය යුතුයි. වැඩපිළිවෙළක් සහිත ප්‍රතිචාරයක් විය යුතුයි. කල්පනාවෙන් ඉමු. සංවාද කරමු. සංවිධානය වෙමු !

– තාරක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan