ශ්‍රී ලංකාව නුදුරේදීම ආදායම් ලබන බලශක්ති කලාපයක් වේවි – දිලුම් අමුණුගම

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ , ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ග්‍රීන් එනර්ජි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය හරහා මෙරට ආදායම් ලබන බලශක්ති කලාපයක් වනු ඇති බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

“දැන් තෙල් තියෙන රටවල් බොහෝම ධණවත් රටවල් බවට පත්වෙලා වගේම ඉදිරියේ දී ඉන්ධන නිපදවීම සඳහා අවශ්‍ය වෙන්නේ සුළං, සූර්යාලෝකය සහ ජලය. ඒක අපිට ඇතිතරම් තියෙන රටක් නිසා ඒ කටයුත්ත සඳහා තමයි මේ ත්‍රිකුණාමලය කලාපය ග්‍රීන් එනර්ජි හබ් එකක් හැටියට නම් කරන්නේ. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුව මේ ත්‍රිකුණාමලය ප්‍රදේශයත් ඉන්දියාවත් ඒ සමාගමත් එක්ක එකතුවෙලා අපි ග්‍රීන් එනර්ජි හබ් එකක් හැටියට දියුණු කෙරුවොත් තව වසර කිහිපයක් තුළ අපිට විශාල ආදායම් ලබන කලාපයක්, තෙල් තියෙන කලාපයක් වගේ තමයි ඉදිරියේ දී ග්‍රීන් හයිඩ්‍රජන් තියෙන කලාප පත්වෙන්නේ ඒක තමයි අරමුණ වෙලා තියෙන්නේ.” ලෙස ඔහු කීවේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...