නියඟය දියර කිරි කර්මාන්තයටත් බලපාලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දැඩි අව් රෂ්මිය හමුවේ ගවයන්ට ආහාර සඳහා සුදුසු තෘණ භූමි වියැළී ගොස් ඇති බැවින් ,  මෙරට දියර කිරි නිෂ්පාදනයෙන් දෙවන ස්ථානය ගෙන සිටින වයඹ පළාතේ කිරි නිෂ්පාදනයටත් දැඩි බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වේ.

ඉදිරි සතිවල දී නියං තත්ත්වය උග්‍ර වුවහොත් දියර කිරි ප්‍රමාණය සියයට පනහකින් පමණ අඩු විය හැකි බවයි කිරි ගොවීන් පවසන්නේ,

මෙරට කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 1,250 ඉක්මවන අතර ඉන් සියයට 18කට වැඩි දායකත්වයක් සැපයෙන්නේ වයඹ පළාතෙන් වන අතර, පසුගිය ජූලි මාසයේ වයඹ පළාතේ දියර කිරි නිෂ්පාදනය කිරි ලීටර් 156,000ක් ලෙසට සටහන් වුවත් ඉදිරි සතිවල දී නියඟය උග්‍ර වුවහොත් දියර කිරි ප්‍රමාණය සියයට පනහකින් පමණ අඩු විය හැකි බව කිරි ගොවින්  අනතුරු අඟවයි.

වයඹ පළාත පුරා ගවගාල් තිස් පන්දහසක් පමණ පවතින අතර, ඒ තුළ සිටින ගවයන් දෙලක්ෂ විසි පන්දහසකට පමණ පවතින නියඟයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශය පුරා තෘණ භූමි වියැළී යාම නිසා ගවයන්ට සුදුසු තෘණ සොයා ගැනිමට නොහැකි වීමෙන් ගවගාල් හිමියන් ද පත් ව ඇත්තේ, දැඩි අපහසුතාවකට බව ඔවුන් පවසයි.

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල කරමින් පවතින බව සඳහන් වන අතර
අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ පිහිටි කුඩා වැව්වල මේ වනවිට ජලය සිඳී ගොස් ඇති බව වාර්තා වේ.

තිරුක්කෝවිල් හී පිහිටි මන්නම්කුලම වැවේ මේ වනවිට ඉතිරිව ඇත්තේ ඉතාම සුළු ජල ප්‍රමාණයක් පමණක් බව සඳහන් වේ. ඒ අනුව සාගම ප්‍රදේශයේ තෘණ භූමි වියැළී යාමෙන් ප්‍රදේශයේ ගවයන්ට ආහාර සහ ජලය සපයා ගැනීම ගැටලුවක් වී ඇති බවයි පැවසෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...