ඇලෝෂියස්ගේ අත්හිටවූ බැංකු ගිණුම් යළි සක්‍රිය කරදෙන සූදානමක් – පුබුදු

මහබැංකු බැඳුම්කර වංචාවට අදාළව අත්හිටුවා තිබුණු අර්ජුන් ඇලෝෂියස්ගේ බැංකු ගිණුම් යළි සක්‍රිය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා පවසයි.

“කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවට නිශ්චිතවම සම්බන්ධ පර්චුවල් ට්‍රෙෂරීස් සමාගම අයිති අර්ජුන් ඇලෝෂියස්ට අයත් මෙන්ඩිස් අරක්කු සමාගම. මේ තියෙන්නෙ මෙන්ඩිස් සමාගම ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් නඩු පැවරීමේ සහතිකය. මේකෙ තියෙන විදියට රුපියල් කෝටි 280 – 300 කට ආසන්න මුදලක් මුළුමනින්ම බදු ගෙවීම පැහැර හැරලා තියෙනවා මේ මෙන්ඩිස් සමාගම. එතකොට බදු ගෙවීම පැහැර හැරපු නිසා ඔවුන්ගේ අරක්කු නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවලා තිබුණා. ඒ අත්හිටුවලා තිබුණු එක බදු සතයක්වත් ගෙවන්නෙ නැතුව නැවත ඒ බලපත්‍ර දෙකම දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම මහබැංකු බැඳුම්කර වංචාවත් සමග අත්හිටවූ බැංකු ගිණුම්වල තහනම ඉවත් කරලා මේ ගිණුම් නැවත සක්‍රිය කරන්න යනවා. ඒක කරන්න ගියොත් වෙන්නෙ බැඳුම්කර වංචාවෙ තිබ්බ වංචනික මුදල් ගිණුම් සියල්ල ෆ්‍රීස් කරලා තිබ්බෙ – පළවෙනි අදියර තමයි බැඳුම්කර වංචාව හරහා ඒ සල්ලි පුද්ගලික ගිණුම්වලට දාගන්න එක. දැන් වංචාවෙ දෙවැනි අදියර හැටියට තීරණය ගන්න යනවා ගිණුම් අත්හිටුවීමේ තීරණය අවලංගු කරලා මේ ගිණුම්වල සල්ලි එළියට අදින්න යනවා. එක පෞද්ගලික බැංකුවක විතරක් බිලියන 4ක මුදලක් තියෙනවා තැන්පත් කරලා”

පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...