විදුලි බලාගාරවලට දැවිතෙල් නෑ – විදුලි කප්පාදුව තවත් වැඩිවෙයි !

Date:

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මේ වනවිටත් දැවිතෙල් භාවිතයෙන් ක්‍රියාත්මක විදුලි බලාගරවල ක්‍රියාකාරීත්වය සීමා කර තිබේ.

යුගදනවි, සපුගස්කන්ද, බාච් යන විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දෛනික දැවිතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2500 ක් වන අතර කෙසේ නමුත් ඛනිජ තෙල් සංස්ථාව හරහා දෛනිකව ලැබෙන්නේ මෙට්‍රික් ටොන් 1400 ක් හෝ ඊට අඩු ප්‍රමාණයකි.

මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 2100 ක් වන අතර ජල විදුලි නිෂ්පාදනය 60% ක උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම හරහා මෙගාවොට් 1340 ක් ජාතික පද්ධතියට එකතු කරයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හරහා ජාතික පද්ධතියට එකතු වන ධාරිතාවය මෙගාවොට් 600 කි.

ඉතිරි වන ධාරිතාවය සපුරාලීම සඳහා දැවිතෙල් බලාගාර ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොමැති වුවහොත් විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇත. දෛනික විදුලි කප්පාදුව හැකිතරම් සීමා කිරීම සම්බන්ධයෙන් අද දිනයේද සාකච්ඡාවක් පැවැත්වෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කර ඇති බැවින් දැවිතෙල් ප්‍රමාණවත් පරිදි ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...