විදුලි බලාගාරවලට දැවිතෙල් නෑ – විදුලි කප්පාදුව තවත් වැඩිවෙයි !

Date:

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මේ වනවිටත් දැවිතෙල් භාවිතයෙන් ක්‍රියාත්මක විදුලි බලාගරවල ක්‍රියාකාරීත්වය සීමා කර තිබේ.

යුගදනවි, සපුගස්කන්ද, බාච් යන විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දෛනික දැවිතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2500 ක් වන අතර කෙසේ නමුත් ඛනිජ තෙල් සංස්ථාව හරහා දෛනිකව ලැබෙන්නේ මෙට්‍රික් ටොන් 1400 ක් හෝ ඊට අඩු ප්‍රමාණයකි.

මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 2100 ක් වන අතර ජල විදුලි නිෂ්පාදනය 60% ක උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම හරහා මෙගාවොට් 1340 ක් ජාතික පද්ධතියට එකතු කරයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හරහා ජාතික පද්ධතියට එකතු වන ධාරිතාවය මෙගාවොට් 600 කි.

ඉතිරි වන ධාරිතාවය සපුරාලීම සඳහා දැවිතෙල් බලාගාර ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොමැති වුවහොත් විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇත. දෛනික විදුලි කප්පාදුව හැකිතරම් සීමා කිරීම සම්බන්ධයෙන් අද දිනයේද සාකච්ඡාවක් පැවැත්වෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කර ඇති බැවින් දැවිතෙල් ප්‍රමාණවත් පරිදි ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...