බාලවයස්කාර දැරිය දරුවකු බිහිකළ සිද්ධිය වසන් කළ දොස්තර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  බණ්ඩාරගම ප්‍රදේශයේ බාලවයස්කාර අවුරුදු 15ක් වයසැති දැරියකට දරුවෙකු ලැබීමේ සිදුවීමක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදි එය සැඟවීමට කරාපිටිය රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයෙකු කටයුතු කර ඇති  බව තොරතුරු වාර්තා වේ.

ඉහත සඳහන් විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයා විසින් මෙම දැරිය කරාපිටිය රෝහලේ ළමා ඒකකයට යොමුකර ඇත්තේ, අවුරුදු 14 දී ගැබිනයක වූ දැරිය ඇය විසින් බිහිකළ දරුවා අඩු බර දරුවෙකු වන බැවින් කිසියම් සංකූලතාවයක් හේතුවෙනි.

රෝහලේ නැවතී ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳා සහ මව පිළිබඳ ඇති වු සැකය මත රෝහල් කාර්ය මණ්ඩලය විසින් මව පිළිබඳව රෝහල් අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දී ඇති අතර, මව පිළිබඳව ළමා ආරක්ෂණ අධිකාරිය වෙත දැනුම්දිය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදුකරමින් සිටිය දී අදාළ වෛද්‍යවරයා පැමිණ, එවැනි දැනුම්දීමක් ළමා ආරක්ෂණ අධිකාරියට සිදුකළ යුතු නොවන බව පවසා තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

පසුව අදාළ විශේෂඥ වෛද්‍යවරයා , මව සහ බිළිඳා වාටුවෙන් බලහත්කාරයෙන් ඉවත් කරගෙන ගොස් ඇත්තේ , මෙම බාලවයස්කාර දැරිය තමන්ගේ රෝගියෙකු යැයි කියමිනි.

එවැනි තීරණයක් ගැනීමට එම වෛද්‍යවරයාට නීතිමය අයිතියක් නොමැති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසන අතර , කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට රෝහල් අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දී ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...